Friday, May 3, 2013

සසර සරි සරණ තෙක් ' ඔබ මගේ ඔබ මගේ '


ඔබේ දෙතොල් පෙති ලිහී..
පිපුණු හසරල් විලේ.....
හද එලිය ගලා යයී 
රැලි ළමින් සැලී සැලී......

මෙවන් සුව පෙර නොවිඳි......
තුන් සිතම සලිත වී...
සසර සරි සරණ තෙක් ' ඔබ මගේ ඔබ මගේ '

හිරු නිවී මුහුදු තෙර, රාත්‍රිය එළැඹිලා...
තරු කඩා වැටෙන විට.. අහස ගඟ කළඹලා...
මට බල ඉන්න බෑ, ඔබේ නුවන් පෙනෙනවා....
සසර සරි සරණ තෙක් ' ඔබ මගේ ඔබ මගේ '

නා ගසක් දළු දමා වසන්තය එළඹිලා...
මද පවන් රැල් වැදී,, සැලෙන විට කැළඹිලා...
මට බල ඉන්න බෑ, දෙතොල් ඔබේ පෙනෙනවා ....   
සසර සරි සරණ තෙක් ' ඔබ මගේ ඔබ මගේ '

යුග ගණන් පැමිණි මඟ...
පැටලිලා වැරදිලා....
ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ,,,
මට බල ඉන්න බෑ , පෙර ඇසුර හැඟෙනවා.....
සසර සරි සරණ තෙක් ' ඔබ මගේ ඔබ මගේ '

අහස තල පොලෝ තල ඔබට මට පොදු වෙලා...
හදවතින් එක උනත්, ගතින් දෙදෙනෙකු වෙලා...
මට බල ඉන්න බෑ , සියොලඟම සැලෙනවා......
සසර සරි සරණ තෙක් ' ඔබ මගේ ඔබ මගේ '

No comments:

Post a Comment